― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණය ගත් තීන්දුව

ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණය ගත් තීන්දුව

බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකාබැලීම සිදු කෙරුණා.

එහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයින් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර දේවගැතිවරයා විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ආගමික නොසන්සුන්තාවයක් හටගත් බව සඳහන් කළා.

එම බරපතළ ප්‍රකාශය හරහා ආගමික නොසන්සුන්තාවයක් ඇතිවීමේ අනතුරක් මතුවී ඇති බවට ඉහළපෙළේ ආරක්ෂක බලධාරීන්ට වැටහී ගිය නිසා ඔවුන් වහා ඒ පිළිබඳව ජාතික ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කළ බව කී ජනාධිපති නීතිඥවරයා, මෙම කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව දේවගැතිවරයා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කළ බවත් සඳහන් කළා.

මෙම පෙත්සම්කාර දේවගැතිවරයාගේ ගිණුම් හරහා රුපියල් බිලියන 12.25ක මුදල් සංසරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවත් නීතිපතිවරයා විසින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු වාර්තා කළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට නායකත්වය දුන් සහරාන් නමැත්තා ද පෙත්සම්කරු සිදු කළ ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පෙත්සම්කාර දේවගැතිවරයාගේ ප්‍රකාශයේ පැවති බරපතළ ස්වභාවය සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට ඉහළ පෙළේ ආරක්ෂක බලධාරීන් කටයුතු කළ බවත් පෙන්වා දුන්නා.