25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතර්ජනයක් විය හැකි ගස් 300ක් කොළඹින් හඳුනාගනී

තර්ජනයක් විය හැකි ගස් 300ක් කොළඹින් හඳුනාගනී

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ජනතාවට සහ දේපළවලට තර්ජනයක් විය හැකි ගස් 300කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඒ පිළිබඳව සොයා බලා එම තර්ජන වහා ඉවත් කිරීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ඊයේ (11) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අනතුරුදායක ගස් කඩා වැටීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග සහ තදාසන්න ප්‍රදේශවල සිදුවිය හැකි උපද්‍රව අවම කිරීම සඳහා පූර්වාරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ තදාසන්න ප්‍රදේශවල වඩාත් ගැළපෙන සහ ගුණාත්මක බවින් යුත් ගස් සිටුවීම සහතික කෙරෙන විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.