29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී දිවි රඟ මඬලෙන් නික්ම යයි

ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී දිවි රඟ මඬලෙන් නික්ම යයි

රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද රාගම ශුද්ධවූ පේදුරු පාවුළු දේවස්ථාන භූමියේදී සිදු කෙරුණා.

ඔහුගේ දේහය තැන්පත් කර තිබූ කඩවත, රාගම පාරේ, වනිගසූරියවත්ත පිහිටි නිවසට ඊයේ මෙන්ම අද දිනයේ ද අව්වැසි නොතකා අතිවිශාල රසික ජනතාවක් අවසන් ගෞරව දක්වන්නට පැමිණ සිටියා.

ඔහුට අවසන් ගෞරව දැක්වීමට ජැක්සන් ඇන්තනීගේ සහෝදර කලාකරුවන්, දේශපාලනඥයන් මෙන්ම පූජක පක්‍ෂය ද පැමිණියා.

ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූයේ පසුගිය 9 වනදායි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 65ක්.

2022 වසරේ ජුලි 02 වනදා අනුරාධපුර තලාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ප්‍රවීණ රංගන ශිල්පියා පසුව කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබුවා.

ඔහුට කොළඹ ජාතික රෝහලේදී පැය හතක පමණ ශල්‍යකර්මයක් සිදු කෙරුණු අතර එතැන් සිට මාස 14ක පමණ කාලයක් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

1958 ජූලි 8 වන දින උපත ලැබූ ජැක්සන් ඇන්තනි සිනමාව, රූපවාහිනිය සහ නාට්‍ය නිෂ්පාදනයේ විවිධත්වය සඳහා ප්‍රසිද්ධ වූ අයෙක්.

ඔහු සම්මානලාභී නළුවෙකු වූ අතර නිෂ්පාදකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු, ඉතිහාසඥයෙකු, නවකතාකරුවෙකු, තිර රචකයෙකු, ගීත රචකයෙකු, රූපවාහිනී නිවේදකයෙකු සහ ගායකයෙකු ද වනවා.