― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාසල් දැරියකට හදි කළ ගුරුවරයා අත්අඩංගුවට

පාසල් දැරියකට හදි කළ ගුරුවරයා අත්අඩංගුවට

16 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනයට ලක්කළ ජනප්‍රිය පාසලක සේවය කළ ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තිස්සමහරාම පොලිසියෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පුද්ගලයා උපකාර පන්ති පවත්වන ප්‍රසිද්ධ ගුරුවරයෙක් බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහරාම ප්‍රදේශයට නුදුරු පාසලකට මීට දින කිහිපයකට පෙර ස්ථාන මාරු වී පැමිණි 42 හැවිරිදි ගුරුවරයෙක් බවයි පොලීසිය පවසන්නේ.

වැඩිදුර පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු මීට පෙරද 11 වසරේ ඉගෙනුම ලබන දැරියක් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවයි.

දැරිය විසින් තමන්ට සිදු වූ අතවරය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාට ලිඛිතව දැනුම් දීමෙන් පසු තිස්සමහරාම පොලිස් ස්ථානයෙහි ළමා හා කාන්තා කාර්යාංශයෙහි නිලධාරීන් සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබේ.

සැකකරු තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.