32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපිරිවෙන් අධ්‍යාපනය සුරැකීමට අඛණ්ඩ සහය - අගමැති

පිරිවෙන් අධ්‍යාපනය සුරැකීමට අඛණ්ඩ සහය – අගමැති

පිරිවෙන් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට රජය ලබාදුන් සහයෝගය අඛණ්ඩවම ලබාදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) සවස සීතාවකපුර නගර සභා ශාලාවේදී පැවති උත්සවයක් අමතමින්.

මෙරට පිරිවෙන් ගුරු භවතුන් පුහුණු කිරීම සඳහා ඇති ප්‍රථම සහ එකම ආයතනය වන සීතාවක පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ 2015/2016, 2017/2018, හා 2019/2020 යන වර්ෂවල දී ගුරු පුහුණුව සාර්ථකව නිමකළ පිරිවෙන් ගුරු ස්වාමීන් වහන්සේලා වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

වසර 67 ක ඉතිහාසය තුළ මෙම පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය විසින් සංවිධානය කළ දෙවන නිල ප්‍රවීණාචාර්ය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මෙය වන අතර අවසන් වරට එවැනි උත්සවයක් පවත්වා තිබුණේ 2016 වසරේදීයි.

මෙහිදී පිරිවෙන් ගුරු ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වෙත විජිනි පත් පිරිනැමීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ දහම්පාසැල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ යන මැති ඇමතිවරුන් විසින් සිදු කරනු ලැබුවා.