32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමීටියාගොඩදී STF වෙඩි හුවමාරුවෙන් අයෙක් ජීවිතක්ෂයට

මීටියාගොඩදී STF වෙඩි හුවමාරුවෙන් අයෙක් ජීවිතක්ෂයට

මීටියාගොඩ, තෙල්වත්තේදී පාතාල සාමාජිකයෙක් බව කියන පුද්ගලයෙකු හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

මෙම වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 42ක පමණ වන පාතාල සාමාජිකයෙක් යැයි සැකකෙරෙන අයෙකු බවයි.

පාතාල සාමාජිකයෙක් බවට සැක පුද්ගලයෙක් එම ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සැඟව සිටි සැකකරු විශේෂ කාර්ය බළකායට පිස්තෝලයකින් වෙඩි තබා තිබේ.

එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී සැකකරුට වෙඩිවැදී ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය පුද්ගලයා පසුගියදා ගාල්ල, කරාගොඩ ප්‍රදේශයේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කළ හිටපු පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහගේ ඝාතනයේද සැකකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.