― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමුදල් නඩුවෙන් සරණ ගුණවර්ධන නිදහස්

මුදල් නඩුවෙන් සරණ ගුණවර්ධන නිදහස්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ සරණ ගුණවර්ධන නිදහස් කර තිබෙනවා.

අද පෙරවරුවේ විත්තිකාර පාර්ශ්වය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස් කරන ලෙසටයි කොළඹ මහාධිකරණ විනිසු නාමල් බණ්ඩාර බලල්ලේ නියෝග කළේ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුද වන සරණ ගුණවර්ධනට ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේදී මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රුපියල් ලක්ෂ 28ක මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

එකී චෝදනාව යටතේයි සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය විසින් නඩු පවරනු ලැබ ඇත්තේ.

කෙසේවෙතත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් මතු කළ මූලික විරෝධතා හේතුවෙන් නඩුකරය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවටයි මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළේ.

ඒ අනුවයි අද දිනයේදී සරණ ගුණවර්ධන හිටපු සභාපතිවරයාට නිදහස හිමිවූයේ.