28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනයේ දැරියගේ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

යාපනයේ දැරියගේ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

යාපනය ශික්ෂණ රෝහලේදී දැරියකගේ අතක් මැණික් කටුව ආසන්නයෙන් කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 03 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දැරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඊයේ (11) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට එම ඉල්ලීම ඉදිරිපත් කළා.

එම සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා හා හෙදියන් දෙදෙනා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීළඟ නඩුවේදී අදාළ කරුණ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද විනිසුරුවරයා පවසා තිබේ.