26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරටවල් පහකට නිදහස් වීසාවලට අනුමැතිය

රටවල් පහකට නිදහස් වීසාවලට අනුමැතිය

සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයින් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීම සඳහා පසුගිය දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබිණි.මේ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු,මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්,විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්‍රි යන මහත්වරුන්ගේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක්  ලෙසට ය.

ඒ අනුව චීන,රුසියා,ඉන්දියා,තායිලන්ත, ඉන්දුනීසියාව වැනි රටවල් වලින් පැමිණෙන සංචාරකයින් සඳහා නිදහස් වීසා අවස්ථාව හිමි වේ.

රටවල් රැසක සංචාරකයින් වීසා බලපත්වලින් නිදහස් කිරීමේ අරමුණ ලෙස පෙන්වාදෙනු ලැබ තිබෙන්නේ, “සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමය.ඒ අනුව වසරකට මිලියන පහක සංචාරක ආකර්ෂණයක් හිමිකර ගැනීමට බලාපොරොත්තු වේ.

සංචාරක නිර්දේශ රටවල් 20 විස්සට ශ්‍රී ලංකාව ද අයත් වන හෙයින් එයින් උපරිම ප්‍රයෝජන ගැනීමටද මෙයින් බලාපොරොත්තු වේ.

වීසා ලබා ගැනීම සඳහා වැය වන මුදල් සහ කාලය මෙම වැඩපිළිවෙළ මගින් ඉතිරි වන අතර විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමේ ප්‍රවණතාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලංකාවේදී මුදල් අය කොට නැරබිය යුතු ස්ථාන සඳහා විශේෂ පැකේජ ක්‍රමයක් යටතේ එකවර අදාළ ප්‍රවේශ පත්‍ර ලබා දීමේ ක්‍රමවේදයක් ද හඳුන්වාදීමට නියමිතය.