28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල්ට ඊර්ෂ්‍යා කිරීම නවතා ඔහුගේ දැනුමෙන් වැඩ ගන්න

රනිල්ට ඊර්ෂ්‍යා කිරීම නවතා ඔහුගේ දැනුමෙන් වැඩ ගන්න

රනිල්ට ඊර්ෂ්‍යා කිරීම නවතා ඔහුගේ දැනුමෙන් වැඩ ගන්නැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ගාල්ලේදී මාධ්‍යය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඡන්ද දායකයා ඡන්ද පොළට යැවිය යුත්තේ හිතේ වෛරය ඉවත් කිරීමෙන් පසුව බවත් වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව නැති ඡන්ද දායකයෙක් ඡන්දපොළට ගිය දිනක හොඳ රටක් නිර්මාණය කරන්නට හැකියාව ලැබෙනු ඇති බවත්ය.

ලාංකිකයන් 1948 නිදහස ලබාගත් දා සිට අද වනතුරු අවුරුදු 75 ක් පුරා වරද්දාගත් ජාතියක් බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ වැරැද්දේ උපරිමයට ගිය අවුරුද්දේදී ළඟා වූ බවයි.