25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලුණාව දුම්රියපොළ අසළ අඩි 08ක් දිග කිඹුලෙක්

ලුණාව දුම්රියපොළ අසළ අඩි 08ක් දිග කිඹුලෙක්

කොළඹ – ලුනාව දුම්රියපොළ අසළ මාර්ගයේ සිටි කිඹුලෙකු අල්ලාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම කිඹුලාව දැක ඇති අතර අද උදෑසන දුම්රියපොළට ආසන්නයේ ඇති මාර්ගයේ සිටියදී මෙම කිඹුලා අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන්ට සහ ධීවරයින් පිරිසකට හැකිව තිබෙනවා.

කිඹුලාව වැරෙන් අල්ලා විශාල කඹවලින් එම සත්ත්වයා ගැටගසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

කිඹුලා සම්බන්ධයෙන් වන සත්ත්ව අඩවි කාර්‍යාලයට සහ පොලිසියට දැනුම්දී තිබෙනවා.

මෙම කිඹුලා දිගින් අඩි 08ක් පමණ වන බවයි වාර්තා වන්නේ.