25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැඩ පහරට හසු වූ සිසුවාගේ සිරුර හමුවෙයි

සැඩ පහරට හසු වූ සිසුවාගේ සිරුර හමුවෙයි

දෙල්තොට ප්‍රදේශයේදී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර හමුවී තිබේ.

මෙලෙස සැඩ පහරට හසු වී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 10 හැවිරිදි වියේ පසුවූ දෙල්තොට ලිට්ල් වැලි ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

එම සිසුවා ඊයේ පස්වරුවේ ශිෂ්‍යත්ව විභාගයේ අතිරේක පන්තියකට සහභාගී වීමෙන් අනතුරුව සිය නිවස වෙත එමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග දරුවාගේ නිවසට යන මාර්ගයේ ඇළ මාර්ගයක් හරහා තිබූ අනාරක්ෂිත පාලමකින් එගොඩ වීමට යාමේදී සිසුවා සැඩ පහරට හසු වී ගසාගෙන ගොස් තිබේ.

දරුවා සැඩ පහරට හසුව ගසාගෙන ගිය ස්ථානයේ සිට කිලෝමීටර් 3ක පමණ දුරකින් පිහිටි ස්ථානයක තිබියදී මොහුගේ සිරුර අද උදෑසන සොයාගෙන ඇත.