31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews2018 පුහුණු වූ සියලු හෙද හෙදියන්ට රැකියා

2018 පුහුණු වූ සියලු හෙද හෙදියන්ට රැකියා

2018 වසරේදී හෙද පුහුණුව සඳහා බඳවා ගත් සියලුම පුහුණුලාභීන්ට පත්වීම් ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟතාවය පළ කර තිබේ.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2018 වසරේදී හෙද පුහුණුව සඳහා සිසුන් 2518ක් බඳවාගෙන පුහුණුව ලබාදුන් අතර රටේ පැවති මූල්‍ය අස්ථාවරත්වය ඇතුළු කරුණු නිසා මෙයින් 1000කට පමණක් පත්වීම් ලබා දීමට මහා භාණ්ඩාගාරය මුල් අවස්ථාවේ තීරණය කළේය.

හෙද සිසු සිසුවියන්ගේ සහ ඔවුන්ගේ මවුපියන්ගේ ඉල්ලීම මත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මැදිහත් වී මුදල් අමාත්‍යංශයට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම මත 2018දී පුහුණුව සඳහා බඳවා ගත් පුහුණුලාභීන් සියලු දෙනාටම පත්වීම් දීමට මහා භාණ්ඩාගාරය එකඟත්වය පළ කර තිබේ.