27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවි හා රත්තරන් සොයා වවුනියාවේ කැනීම් අරඹයි

අවි හා රත්තරන් සොයා වවුනියාවේ කැනීම් අරඹයි

කොටි සාමාජිකයින්ගේ අවි ගබඩා හා රත්තරන් වළලා ඇති බවට ලද තොරතුරක් මත වවුනියාවේ ආරක්ෂක අංශ ඊයේ (12) එම ස්ථාන තුනේ කැණීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ වවුනියාව පූවරසන්කුලම අලුත්කෝවිල්කුලම ප්‍රදේශයේ ස්ථාන තුනක දීයි.

යුද සමයේදී කඳවුරු ඉවත් කොට වෙනත් ස්ථාන වලට යාමේදී ඔවුන් සතු අවි ආයුධ හා රත්තරන් තොග මේ ස්ථාන වල වළ දැමූ බවට කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුවයි මේ ස්ථාන තුනේ කැණීම් කටයුතු ආරම්භ කළේ.

පූවරසන්කුලම පොලිසිය විසින් වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ් වෙත ඉදිරිපත් කරණ ලද වාර්තාවකට අනුව එම ස්ථාන වල කැණීම් කටයුතු සිදු කිරීම පිණිස අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණා.