26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalජනතාව පිට තව බදු පටවන්න ජනපති කැමති නෑ

ජනතාව පිට තව බදු පටවන්න ජනපති කැමති නෑ

මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා රට තුළ බදු නොගෙවන පිරිස් සොයා ඔවුන්ගෙන් වැඩිපුර බදු අය කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේදී එම ආයතන ප්‍රධානීන් සමග පැවති අදහස් හා යෝජනා විමසීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කිසිදු ලෙසකින් ජනතාවගෙන් අලුතින් බදු එකතු කිරීමක් සිදු නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සියලු සාකච්ඡාවලින් රටේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම කෙරෙහි සැපිරිය යුතු ඉලක්කගත කාරණා එක් තැනකට ගෙන ආ යුතු බවයි.

රාජ්‍ය ආදායම ඉහළ නංවනවා යැයි පවසා කිසිලෙසකින් රටේ ජනතාවගේ බදු බර යළිත් අලුත් කළ නොහැකි බවත්, එය දේශපාලන ප්‍රශ්නයක් නොවන බවත්, පවතින ක්‍රමවේදය තුළ පදනම පුළුල් කරගනිමින් ක්‍රියාත්මක වීමට ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් බදු අය කරගැනීම සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.