26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල විදුලි උත්පාදනය උපරිමයෙන්

ජල විදුලි උත්පාදනය උපරිමයෙන්

මධ්‍යම කඳුකරයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වී ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසති.

අදාළ ජලාශ දෙකේම ජල ධාරිතාව 98% දක්වා ඉහළ ගොස් ඇති බැවින් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි ඔවුන් පවසන්නේ.