28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතල්දූව වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

තල්දූව වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය සැප්තැම්බර් 20 මස වැනිදා අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙක් ඉලක්ක කරගනිමින් වෙඩි තබා ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතන සිද්ධියේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවයි වාර්තා වුණේ. විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත හම්බන්තොට, කටුවැව හන්දිය ප්‍රදේශයේ ඊයේ (12) සිදුකළ වැටලිමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු 21 හැවිරිදි සැකකරු අවිස්සාවේල්ල, ගලබලන කන්ද ප්‍රදේශයේ පදිංචි අයෙක්. මොහු, දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙක්වන ‘මන්නා රමේෂ්’ නැමැත්තාගේ ගෝලයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 100ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.