28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන්ගේ ඇස් රතු වෙලා නම් පාසල් යවන්න එපා

දරුවන්ගේ ඇස් රතු වෙලා නම් පාසල් යවන්න එපා

කුඩා ළමුන් අතර අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර පවසයි.

ඊයේ (12) අක්ෂි රෝහලේ ලෝක දෘෂ්ටි දිනයට සමගාමීව පැවති සම්මන්ත්‍රණයකදීයි වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ.

පසුගිය සතිය තුළ කොළඹ ප්‍රදේශයේ පාසල් කිහිපයක ළමුන් අතර අක්ෂි රෝගය ව්‍යාප්ත වූ අතර සාමාන්‍යයෙන් කුඩා දරුවන් හට අක්ෂි රෝග ව්‍යාප්ත වන්නේ ශ්වසන මාර්ගයේ ඇතිවන ආසාදන සමඟ වන බවත් දින තුනකට වඩා රෝගය පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් වෛද්‍යවරයා අවධාරණය කළේය.

ඇස් රතු පැහැ ගැන්වී ඇත්නම්, ඇසෙන් කබ වැඩි ප්‍රමාණයක් එන්නේ නම් දෙමාපියන් ඒ පිළිබඳ අවධානය යොමු කොට දරුවන් පාසල් නොයවා ගෙදර තබා ගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි වෛද්‍යවරයා ඉල්ලා සිටින්නේ.

එමෙන්ම පාසලක මෙවැනි රෝග ලක්ෂණ සහිත දරුවකු සිටී නම් වහාම අනෙක් දරුවන්ගේන් රෝගී වූ දරුවා වෙන් කිරීම වැගත්ද බව වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.