― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportනවසීලන්තයට ලකුණු 246ක ඉලක්කයක්

නවසීලන්තයට ලකුණු 246ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට නවසීලන්තයට ලකුණු 246ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගය මේ වනවිට පැවැත්වෙන්නේ චෙන්නායි හිදීයි.

කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 245ක් රැස් කළා.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 66ක් රැස්කළ අතර නායක ශකීබ් අල් හසන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 40ක්.මහමුදුල්ලා රියාද් ලකුණු 41යි.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගසන් බංග්ලාදේශ ඉනිමේ කඩුලු 03ක්, ට්‍රෙන්ට් බෝල්ට් සහ මැට් හෙන්රි කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

නවසීලන්ත පිළිතුරු ඉනිම තවත් සුලු වෙලාවකින් ආරම්භ වීමට නියමිතයි