29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාපැදි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පාපැදි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මාතර – පරණ තංගල්ල මාර්ගයේ ගමන්ගත් පාපැදියක් පදිකයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ පල්ලියමුල්ල සිට මහානාම පාලම අසළදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 85 හැවිරිදි ගබඩා වීදිය, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

අනතුර සිදුකළ පාපැදිකරු පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.