31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙට ශ්‍රී ලංකාවට දිස් නොවන සූර්යග්‍රහණයක්

හෙට ශ්‍රී ලංකාවට දිස් නොවන සූර්යග්‍රහණයක්

හෙට (14) දිනයේදී වළයාකාර සූර්යග්‍රහණයක් දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශ ප්‍රධාන සහ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පැවසීය.

එමෙන්ම ඔක්තෝම්බර් 28 වැනිදා රාත්‍රියේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැකගත හැකි බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව වලයාකාර සූර්යග්‍රහණය ඇමරිකා එක්සත් ජනපදය ප්‍රදේශන් ඔක්තෝම්බර් 14 වැනිදා රාත්‍රී 8.34 ට ආරම්භ වන අතර, එය බ්‍රසීලය ආසන්නයේදී ඔක්තෝබර් 15 වැනිදා අලුයම 2.25 ට අවසන් වේ. මෙම වලයාකාර සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙක්සිකෝව, මධ්‍යම ඇමරිකාව, කොලොම්බියාව සහ බ්‍රසීලයේ කොටස්වලට මෙය දිස්වනු ඇති.

ඔක්තෝබර් 28 වැනිදා රාත්‍රී 11.32 සිට අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන අතර එය ඔක්තෝම්බර් 28 වැනිදා පෙ.ව. 3.56 ට අවසන් වේ.

මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලට දැකගත හැකිය.

මෙම චන්ද්‍රග්‍රහණයේ අර්ධ අවස්ථාව ඔක්තෝම්බර් 29 වැනිදා අලුයම 1.05 සිට 2.23 දක්වා ශ්‍රී ලංකාවට දර්ශනය වන අතර උපරිම ග්‍රහණය අලුයම 1.44 ට දිස් වනු ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න පැවසීය.