23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportICC යෙන් චමරි අතපත්තුට ලැබුණු තැන

ICC යෙන් චමරි අතපත්තුට ලැබුණු තැන

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසට ශ්‍රී ලංකා කණ්ඩායමේ චමරි අතපත්තු නම් කර තිබෙනවා.

එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේ දැක්වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙනුයි චමරි අතපත්තුට මෙම අවස්ථාව ලැබී ඇත්තේ.

එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී ලැබූ එම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලැබූ පළමු ජය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

චමරි අතපත්තු සමග දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් වන ලෝරා වොල්වාඩ්ට් සහ නදීන් ද ක්ලර්ක් සැප්තැම්බර් මාසයේ ක්‍රීඩිකාව ලෙසට යෝජනා වී තිබුණා.

ඔවුන් දෙදෙනා අභිබවා චමරි මෙම ස්ථානයට පත්වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහි තීරණාත්මක තරඟාවලියේදී චමරි අතපත්තු ලකුණු 114 ක් රැස්කරමින් සහ කඩුලු 5 ක් දවා ගත් අතර එම තරගාවලියේ වීරයා ලෙස ද නම් කෙරුණා.

මේ අතර සැප්තැම්බර් මාසයේ ක්‍රීඩකයා ලෙසට ඉන්දීය කණ්ඩායමේ නැගී එන ක්‍රීඩක ශුබ්මන් ගිල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ මොහොමඩ් සිරාජ් සහ එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් මිලාන් මාසයේ ක්‍රීඩකයා වෙනුවෙන් යෝජනා වී තිබුණා. ඔවුන් අභිබවමිනුයි ශුබ්මන් ගිල් මෙම ස්ථානයට පත්වී ඇත්තේ.