― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeSportඉන්දු - පාකිස්තාන උණුසුම් තරගය අද අහමදාබාද් හිදී

ඉන්දු – පාකිස්තාන උණුසුම් තරගය අද අහමදාබාද් හිදී

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජනප්‍රියම තරගය වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද (14) දිනයේ පැවැත්වෙනවා.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම මෙම තරඟයට පැමිණෙන්නේ ඔවුන්ගේ අවසන් තරඟ දෙකේ දී ලැබූ ජයග්‍රහණ මානසිකත්වයෙන්වීම ද විශේෂත්වයක්.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය තරග දෙක මඟ හැරී ගිය ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් අද තරගය සඳහා එක්වීමේ 99% හැකියාවක් පවතින බව ඉන්දීය නායක රෝහිත් ශර්මා සඳහන් කළා.

ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ඉන්දියාව සහ පාකිස්ථානය අවස්ථා 07ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එම සෑම අවස්ථාවකම ජයග්‍රාහකයින් බවට පත්වීමට ඉන්දියාව සමත් වුණා.

මේ අතර මෙම තරගය සඳහා නිකුත්කර තිබූ ප්‍රවේශ පත් සියල්ලම අලෙවි වී අවසන්ව ඇති අතර,විශාල ප්‍රේක්ෂක පිරිසක් මේ වනවිටත් තරගය නැරඹීම වෙනුවෙන් අහමදාබාද් නුවරට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

පීඩනය හොඳින් හසුරුවන කණ්ඩායම අද ජයග්‍රහණය කරනු ඇති බව මෙතෙක් බිහිවූ විශිෂ්ටයන් වන වසීම් අක්‍රම් සහ සුනිල් ගවස්කාර් තරගයට පෙර අදහස් දක්වමින් සඳහන් කළා