කුරුණෑගල නගරයේ පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක අද (14) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්නෙන් අලෙවිසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ යුද හමුදාවේ සාමාජිකයන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස ගිනි ගැනීමට ලක් වුණේ අනාරක්ෂිත ලෙස තාවකාලිකව ඉදිරිකරන ලද වෙළඳසැලක්. බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
කුරුණෑගල මහේස්ත්රාත්වරයා තාවකාලිකව පදිංචි වී සිටින නිල නිවස ද ගිනි ගැනීමට ලක් වූ මෙම වෙළඳසැලට යාබදව පිහිටා ඇති බවයි වාර්තා වුණේ.