28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොටුව මහේස්ත්‍රාත් උසාවියේ රෙජිස්ටාර්වරිය CID අත්අඩංගුවට

කොටුව මහේස්ත්‍රාත් උසාවියේ රෙජිස්ටාර්වරිය CID අත්අඩංගුවට

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම මහේස්ත්‍රාත් අධිකරණයෙන් පවා තිබූ ගුවන් ගමන් තහනමක් ඉවත් කළ බවට ව්‍යාජ ලේඛණයක් සකස් කිරීම සම්බන්ධයෙන්.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පුද්ගලයෙකුට පනවා තිබූ ගුවන් ගමන් තහනම ඉවත් කිරීමට මහේත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළ බවට සඳහන් කරමින් සැකකාරිය විසින් අදාළ ව්‍යාජ ලේඛණය සකසා තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.