― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපෝට් සිටියෙන් චීනයට අමතර බිම් කොටස් 10ක්

පෝට් සිටියෙන් චීනයට අමතර බිම් කොටස් 10ක්

වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රමාද කිරීම හේතුවෙන් අමතර බිම් කොටස් 10ක් වන්දියක් ලෙස චීනයට ලබා දීමට සිදුව ඇති ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

යහපාලන රජය සමයේ මෙම ඉදිකිරීම් ප්‍රමාද වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (13) පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ආයෝජකයන් 17 දෙනෙකු වරාය නගරයේ ආයෝජන සඳහා කැමැත්ත පළ කර ඇති අතර,එහි වටිනාකම රුපියල් බිලියන 1.6ක් බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජපාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කලාපයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.