28.9 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහීලෑ අලියෙක් ප්‍රපාතයකට වැටී අනතුරකට ලක්වෙයි

හීලෑ අලියෙක් ප්‍රපාතයකට වැටී අනතුරකට ලක්වෙයි

නවගමුව, මාපිටිගම පාලම අසල දී හීලෑ අලියෙක් ප්‍රපාතයකට වැටී අනතුරකට ලක්ව තිබෙනවා.

අප සිදුකළ විමසීමක දී නවගමුව පොලිසිය සඳහන් කළේ ඊයේ (13) පස්වරුවේ මෙම අලියා කැළණි ගඟේ දිය නැවීමට රැගෙනවිත් තිබිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

කැළණි ගඟෙන් අලියා අලියා නෑවීමෙන් පසු පඩිපෙළකින් පාලම මතට රැගෙන යාමේදී අඩි 20ක පමණ ප්‍රපාතයකට සත්වයා වැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මාපිටිගම ප්‍රදේශයේ හීලෑ අලියෙක්වන අතර ( ඉඹුල්ගොඩ කුමාරි ඇතින්න) මෙම සත්වයගේ වයස අවුරුදු 65ක් පමණ වනවා.

අනතුරේ පසු අලියා අසාද්‍ය තත්ත්වයට පෙළී ඇති අතර, පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ එම සත්වයාට ප්‍රතිකාර කිරීම සිදුකර, වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබෙනවා.