― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportඇෆ්ගනිස්ථානයට ලකුණු 69ක ජයක්

ඇෆ්ගනිස්ථානයට ලකුණු 69ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 69ක ජයක් ලබාගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා.

දිල්ලිහිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළේ එංගලන්ත කණ්ඩායමයි.

ඔවුන්ගේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 284ක් රැස් කළා.

Rahmanullah Gurbaz පන්දු 57කින් වේගවත් ලකුණු 80ක් ලබා ගත්තා.ඒ හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගින්. Ikram Alikhil 58යි. Mujeeb Ur Rahman සහ Ibrahim Zadranලකුණු 28 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී Adil Rashid කඩුලු 3ක් සහ Mark Wood කඩුලු 2ක් බිඳහෙලුවා. ඒ අනුව තරගය ජය ගැනීමට එංගලන්තයට හිමිවූ ලකුණු 285ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 40යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු ක් පමණයි.

Harry Brook ලකුණු 66යි. Dawid Malan ලකුණු 32ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී Mujeeb Ur Rahman සහ Rashid Khan එංගලන්ත කණ්ඩායමේ කඩුලු 3ක් බැගින් දවා ගත් අතර Mohammad Nabi කඩුලු 2ක් බිඳහෙලුවා.