― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමහ වැස්සට බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවෙයි

මහ වැස්සට බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාවත් සමඟ බණ්ඩාරවෙල නගරයේ කොටසක් අද (15) දහවල් ජලයෙන් යට වුණා.

බණ්ඩාරවෙල පන්සල ඉදිරිපිටින් ඇති කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට මේ සමඟ බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අධික වර්ෂාවත් සමඟ හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ අනුව මෙම පියවර ගත් බවයි.

නායයෑමේ අවදානම මත කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ පදිංචි පවුල් 134ක්, මහකන්ද කොටසේ පවුල් 23ක් සහ ඉහළ මකල්දෙණිය ප්‍රදේශයේ පවුල් 84ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන් මේ වන විට කොස්ලන්දවත්තේ තේ කර්මාන්තශාලාවක සහ ගනේෂා දමිළ විද්‍යාලයේ රඳවා ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

එම පිරිස් වෙත අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපය තුළ ද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා