― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රවීණ ගායකයෙකුගේ නිවසේ තාප්පය කඩාවැටී සිසුවෙක් රෝහලේ

ප්‍රවීණ ගායකයෙකුගේ නිවසේ තාප්පය කඩාවැටී සිසුවෙක් රෝහලේ

මෙරට ප්‍රසිද්ධ මෙන්ම ප්‍රවීණ ගායකයෙකු වන ප්‍රියා සූරියසේනගේ නිවසෙහි තාප්පය කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද දහවල් 12.50ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ මහරගම – විජේරාම ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට යාබද ඉඩමේ පිහිටි ප්‍රියා සූරියසේනගේ නිවස වටා ඇති තාප්පය එක් අන්තයකින් කඩා වැටීමෙන්.

මෙම තාප්පය වසර 30කට වඩා පැරණි ඉදිකිරීමක් බවත්, එය අවදානම් තත්ත්වයේ තිබූ බවත් පාසලේ විදුහල්පතිවරයා සඳහන් කර තිබෙනවා.

තාප්පය අවදානම් මට්ටමේ පවතින බවට ග්‍රාම සේවක මගින් නිවැස් හිමියාව කිහිපවරක් දැනුවත් කර තිබූ බවයි විදුහල්පතිවරයා අප ප්‍රාදේශීය වාර්තාකරු හට සඳහන් කර තිබුණේ.

අඩි 13කට ආසන්න උසක් ඇති මෙම තාප්පය නිසි ප්‍රමිතියකින් තොරව තනා ඇති බවත් හෙළි ව තිබෙනවා. තාප්පය සැකසීමේදී අවම වශයෙන් කොන්ක්‍රිට් කණු හෝ යෙදිය යුතු වුවද එසේ නොමැති බවයි වාර්තා වන්නේ.

දින කිහිපය පුරාම පවතින අයහපත් වර්ෂාපතනය සමග තාප්පය පෙඟී කඩා වැටී ඇති බව දෙමාපියන් චෝදනා කරනවා. තාප්පය අසල ඇති වැසිකිළියට දරුවා ගිය අවස්ථාවේදියි තාප්පය කඩා වැටී ඇත්තේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 4 වසරේ ඉගෙනුම ලබන නිම්ලක සනුජ පෙරේරා යි. තුවාල ලැබු දරුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මහරගම ප්‍රාදේශීය ලේකම්වරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් හා මිරිහාන පොලීසියේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීම අරඹා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.