33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ ජනපති මැදුර බදු දීමේ ගිවිසුමට අත්සන් තබයි

යාපනයේ ජනපති මැදුර බදු දීමේ ගිවිසුමට අත්සන් තබයි

යාපනය කන්කස්නතුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවති ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට බදු දීම සඳහා වන ගිවිසුමට අත්සන් තබා තිබේ.

අද (16) බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදීයි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.

ඒ අනුව යාපනය, කන්කසන්තුරේ පිහිටි මෙම පරිශ්‍රය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යලයක් ඉදිකිරීම සඳහා වසර 50 කාලයකට බදු දී තිබේ.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසන්නේ මෙහි ආයෝජන වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000ක් බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කැනේඩියානු ආයෝජකයකු සමඟ එක්වී මෙය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත බවත්ය.