27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසලක තාප්පයක් දරුවෙක් මතට කඩාවැටෙයි

පාසලක තාප්පයක් දරුවෙක් මතට කඩාවැටෙයි

නුගේගොඩ – විජේරාම ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලක තාප්පයක් කඩා වැටී සිසුවෙකු එම තාප්පයට යට වී තිබෙනවා.

අද දහවල් කාලයේදී පාසල පැවැත්වෙන අතරතුරදී මෙම අනතුර සිදු ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක්. තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස කඩා වැටී ඇත්තේ එම පාසලේ ඇති පැරණිම තාප්පයක් බවටයි හෙළි ව ඇත්තේ.