32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාසල් සිසුවියකට නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුගෙන් ලිංගික අතවර

පාසල් සිසුවියකට නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුගෙන් ලිංගික අතවර

පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් හබරාදූව ප්‍රදේශයේ ප්‍රසිද්ධ විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිසුවිය ඉගෙනුම ලබා ඇත්තේ ප්‍රාථමික විද්‍යාලයක 05 වැනි ශ්‍රේණියේ යි.

අදාළ දැරියගේ මව්පියන් විසිනුයි මෙම පැමිණිල්ල පොලිසියේ ගොනුකර ඇත්තේ.

ඒ අනුව මේ වනවිට සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා ව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 06 වන දින පාසලේ දී මෙම සිසුවිය සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ අතවරයට ලක් ව ඇති බවටයි අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.

දැරිය අද දින කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා ව හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහු එම විද්‍යාලයේ විනය භාර ගුරුවරයෙකු බවටත් මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සැකකරු ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 59 වන අයෙක්.

මොහුව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වනවා.