25 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් නැවතුම්පොළෙහි උපන්දින සාද දැමූ යාපනය කඩු කල්ලියේ දෙදෙනෙකු අත්අඩංගුවට

බස් නැවතුම්පොළෙහි උපන්දින සාද දැමූ යාපනය කඩු කල්ලියේ දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය බස් නැවතුම්පොළෙ දී ජනතාවට හිරිහැර වන අන්දමින් “යාපනය කඩු කල්ලිය“නැමති කණ්ඩායමක නායකයාගේ උපන්දිනය සැමරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකු යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදි ලබන මස 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පසුගියදා තරුණයින් 200ක් පමණ යතුරුපැදි වලින් පැමිණ බස් නැවතුම්පාළෙහි සිටි මගීන්ට හිරිහැර වන අන්දමින් මත්පැන් පානය කරමින් අශෝභ ලෙස හැසිරී තිබුණා.

එහිදී ඔවුන් සිය නායකයාගේ උපන්දිනය නිමිත්තෙන් කේක් ගෙඩියක් ද කැපීමට පියවර ගනු ලැබුවා.

එම අවස්ථාවේ මගීන් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි උපන්දින සාදය සැමරූ පිරිසෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ.