27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් පවත්වාගෙන ගිය විදෙස් රැකියා ඒජන්සියක් වටලයි

හොරෙන් පවත්වාගෙන ගිය විදෙස් රැකියා ඒජන්සියක් වටලයි

කුලියට ගත් නිවසක බලපත්‍ර නොමැති ව නිතිවිරෝධී ලෙස විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමේ දී එම ස්ථානයේ තිබී විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 32 ක්, ජාතික හැඳුනුම්පත් 3ක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පුද්ගලික ආයතනවලට අයත් නිල මුද්‍රා 9ක්, ග්‍රාම සේවා සහතික 5ක් සහ උප්පැන්න සහ විවාහ සහතික 9ක් ද පොලිස් භාරයට ගැනුණා.

නීතිවිරෝධී අයුරින් විදේශ රැකියා නියෝජිත ආයතනයක් රාගම – සිරිවර්ධන පාරේ පවත්වාගෙන යන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකකය වෙත ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මෙම නිවස රුපියල් 8,500 කුලී පදනම මත මීට මාස 6කට ඉහත දී ලබාගෙන ඇති බවටයි හෙළි ව ඇත්තේ.

ඉතාලිය ඇතුළු විවිධ රටවල්වලට යවන බව පවසා සැකකරු පුද්ගලයගෙන් රුපියල් ලක්ෂ තුනේ සිට ඊට ඉහළ
ගණන්වලින් මුදල් ලබාගෙන ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 67ක් වන නුගේගොඩ – මහර පදිංචිකරුවෙක්.