27 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකෝටි 30ක වාලම්පුරියක් සමඟ අයෙක් අත්අඩංගුවට

කෝටි 30ක වාලම්පුරියක් සමඟ අයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 30ක පමණ වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ වාලම්පුරියක් සමග පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරක් මත ගුවන් හමුදා නිළධාරීන් සමග එක්ව කළ වැටලීමකදී වාලම්පූරියක් විකිණීමට සූදානමින් සිටි මාළඹේ අරංගල ප්‍රදේශයේ පදිංචි මූර්ති ශිල්පියෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වාලම්පූරිය මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක හිමි නමකට අයත් එකක් බවත් මොහු අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇති බවත් අනාවරනය වී තිබේ.

පොලීසිය පැවසුවේ මෙය කොදුඇට පෙළ රහිත දුර්ලභ ගණයේ වඳ වීගෙන යන සත්ව විශේෂයකට අයත් වාලම්පූරියක් බවට හදුනාගෙන ඇති බවයි.