28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුවා බේරගන්න මව ළිඳට පැනලා - දරුවා ජීවිතක්ෂයට

දරුවා බේරගන්න මව ළිඳට පැනලා – දරුවා ජීවිතක්ෂයට

මවක් සිය මාස තුනක් වයස දියණිය සමග කටාරම්පුර ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක ළිඳක වැටී සිටියදී ගොඩට ගෙන දෙදෙනාම ගලෙන්බිදුනුවැව රෝහලට ඇතුළත් කිරීමේදී ගැහැනු දරුවා මියගොස් ඇතැයි කොකාවැව පොලීසිය පවසනවා.

ළිදට වැටී සිටියදී ගොඩට ගත් මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නිවසට නුදුරින් පිහිටි ගෙවත්තේ ඇති ළඳ ළඟට ගොස් දරුවාට කිරි දෙන අවස්ථාවේ මාස දෙකක් වයසැති දරුවා ළිඳට ඇද වැටුණු බවත් දරුවා ළිඳට වැටුණු නිසා දරුවා බේරා ගැනීමට තමාද ළිදට පැන්න බවත් මව සඳහන් කර තිබෙනවා.