29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි තොගයක් විනාශ කෙරේ

පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි තොගයක් විනාශ කෙරේ

පරිභෝජනයට නුසුදුසු ආකාරයට කොත්තමල්ලී සල්ෆර් යොදා ඔප දමා සකස් කර නැවත වෙළෙඳපොළට නිකුත් කරන ස්ථානයක් වටලා තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්‍යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

කල්මුණේ ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදු කර ඇති අතර අම්පාර දිස්ත්‍රික් කාර්‍යාල විමර්ශන නිලධාරීන් විසින් එම ස්ථානය වටලා කොත්තමල්ලී තොගය මුද්‍රා තබා කල්මූණේ අධිකරණයේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය විසින් එම කොත්තමල්ලී සම්බන්ධ වාර්තාවක් කාර්මික තාක්ෂණ ආයතනයෙන් කැඳවනු ලැබුවා.

එහිදි වාර්තා වූයේ මෙම කොත්තමල්ලිවල සල්ෆර් අඩංගු බවත් පරිභෝජනයට නුසුදුසු බවත් වාර්තාවලින් සහතික කර ඇති බවයි. කල්මූණේ අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට රුපියල් ලක්ෂයක දඩ නියම කර තිබෙනවා.

එමෙන්ම කොත්තමල්ලි කිලෝග්‍රෑම් 2500ක ප්‍රමාණය විනාශ කිරිමට ද අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ විසිපහකට පමණ ආසන්න වන බවයි වාර්තා වන්නේ.