30 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසලක් තුළ පිපිරීමක් - සිසුන් තිදෙනෙක් රෝහලේ

පාසලක් තුළ පිපිරීමක් – සිසුන් තිදෙනෙක් රෝහලේ

පාසලක් තුළ සිදුවූ පිපිරීමකින් සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් මාවතුර කලෛමහල් දෙමළ විද්‍යාල භූමියේදී මෙම අනතුර සිදුවී ඇත.

පාසල් කාලය තුළදී මෙම සිසුන් තිදෙනා එළියට පැමිණි අවස්ථාවේදී බෝලයක් වැනි යමක් දැක ඇති අතර එහිදී එක් සිසුවෙකු එයට පා පහරක් එල්ල කර ඇත.

එහිදී එය පුපුරාගොස් ඇති අතර පිපිරීමත් සමග සිසුවාගේ සපත්තුව කැඩී ගොස් පාදයට හානී සිදුවී තිබේ.

අනතුරෙන් තුවාල ලද සිසුන් තිදෙනා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වැඩිදුරටත් වාර්තා වූයේ ඔවුන්ගෙන් එක් සිසුවෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.‍