30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිසියේ වැරදි කියන්න දුරකථන අංකයක්

පොලිසියේ වැරදි කියන්න දුරකථන අංකයක්

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි 118 කෙටි දුරකථන අංකය හරහා සිදුකළ හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසන්නේ එම හදිසි ඇමතුම් අංකය මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා පවත්වාගෙන යනු ලබන බවය.

එම අංකය හරහා තොරතුරු දැනුම්දෙන්නාගේ අනන්‍යතාව දැනුම්දීමක් සිදුනොකර අදාළ තොරතුරු ලබාදීමට ද හැකියාව පවතී. දිවයිනේ සිදුවන විවිධ අපරාධ, විෂ මත්ද්‍රව්‍ය වැනි තොරතුරු ද එම අංකය හරහා ලබාදිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.