― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහඬපට එහෙම පිටට දෙන්න බැහැ - කථානායක

හඬපට එහෙම පිටට දෙන්න බැහැ – කථානායක

පාර්ලිමේන්තු කාරක සභාවකදී මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීමට අදාළ හඬපටය නිකුත් කිරීමට කථානායකවරයා බැඳී සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අද (17) පාර්ලිමේන්තුවේ දී නැඟූ වරප්‍රසාද ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

එය පාර්ලිමේන්තුව ගත් තීරණයක් බවද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දැක් වූ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා සඳහන් කළේ පාර්ලිමේන්තු කාරක සභාවේ දී තමාට සිදුකළ තර්ජනය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට අදාළ හඬපටය අවශ්‍ය බවයි.

පාර්ලිමේන්තුවේ කාරක සභාවල හඬපට පිටට ලබාදිය නොහැකි බව ඊට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා පැවසුවා.

මේ අතර තමන්ට සිදුකළ තර්ජනය සම්බන්ධයෙන් අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බවද චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා.