30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඋතුරු පළාත සදහා ධීවර කර්මාන්තයටම විශේෂිත වූ ආයෝජන කලාපයක්

උතුරු පළාත සදහා ධීවර කර්මාන්තයටම විශේෂිත වූ ආයෝජන කලාපයක්

ධීවර කර්මාන්තයටම විශේෂිත වූ ආයෝජන කලාපයක් උතුරු පළාත තුළ ස්ථාපිත කිරීම සඳහා මේ වන විට වැඩ පිළිවෙළක් සකස් කෙරෙමින් පවතින බවත් ඒ හරහා ධීවර කර්මාන්තයට අදාළ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට මෙන්ම විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීමට හැකිවන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

ධීවර කර්මාන්තයට මෙන්ම පාරිභෝගිකයාට ඉමහත් පාඩුවක් ගෙන දෙමින් අතරමැදියන් පිරිසක් අයුතු ලාබ ලැබූ ධීවර මාෆියාව අවසන් කිරීමට අවශ්‍ය පියවර මේ වනවිටත් ගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කලේය.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.