26.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයින් 17ක් ඊජිප්තුවට

ගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයින් 17ක් ඊජිප්තුවට

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය වෙත ගමන් කරන ජනතාව අතර ශ්‍රී ලාංකිකයන් 17 දෙනකු සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඊජිප්තුවේ ‘රෆා’ දේශසීමා පිවිසුමෙන් ඊජිප්තුව තුළට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යාංශය හරහා කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම ජෝර්දානයේ සිට අනවසරෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා ජෝර්දාන දේශසීමා ආරක්ෂක අංශ සෙබළුන් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔවුන් පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි ඔහු ඊයේ සඳහන් කළේ.

මේ අතර ඊශ්‍රායලයේදී අතුරුදහන් වූ ශ්‍රී ලාංකික අනුලා ජයතිලක මියගිය බව ඊශ්‍රායල බලධාරීන් විසින් තහවුරු කර ඇති බවත් ඇයගේ දේහය දින දෙකක් ඇතුළත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් භාර ගැනීමට නියමිත බවත් තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.