23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවගා ළිඳකට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට

වගා ළිඳකට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට

අනුරාධපුර, කොකාවැව දුටුවැව ප්‍රදේශයේ වයස අවුරුදු 02ක දැරියක් වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 02 මාස 05ක් පමණ වන දුටුවැව ප්‍රදේශයේ කුඩා දැරියකි.

පොලීසිය පැවසුවේ දුටුවැව ප්‍රදේශයේ වගා ළිඳක් තුළ මියගිය දැරියගේ සිරුර පාවෙමින් තිබියදී සොයාගත් බවත් 31 හැවිරිදි ඇගේ මව එම ළිඳෙහි තිබූ ලණුවක ආධාරයෙන් එල්ලී සිටියදී දෙදෙනාම ගොඩට ගෙන ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කළ බවත්ය.

කෙසේනමුත් රෝහලට ඇතුළත් කරන අවස්ථාව වනවිටත් දැරිය මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොකාවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.