32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsප්‍රේම සම්බන්ධය මරණයකින් අවසන් වෙයි

ප්‍රේම සම්බන්ධය මරණයකින් අවසන් වෙයි

ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ රත්තොට නිකලොයවත්ත ප්‍රදේශයෙන්.

පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මාතලේ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට රෝහල් පොලිසියෙන් ලැබුණු තොරතුරක් අනුව රත්තොට පොලිසිය විසින් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ මෙලෙස මියගොස් ඇති පුද්ගලයා රත්තොට ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි අයෙක් බවයි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුගේ දියණියක් සමග මෙම මියගිය පුද්ගලයා ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත ඝාතනය සිදුවී ඇති බවටයි හෙළීවී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය රත්තොට රෝහලේ තැන්පත් කර ැති අතර රත්තොට පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ.