― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපෙම් හබයක් නිසා තරුණයෙක් දිවි හැරයයි

පෙම් හබයක් නිසා තරුණයෙක් දිවි හැරයයි

යාපනයේ තරුණයෙකු ඊයේ (17) දිනයේදී ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ මොහු යාබද ගම්මානයේ තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවයක් ඇති කරගෙන ඇති බවත් එම සම්බන්ධය අදාළ තරුණියගේ පියා දැන ගැනීමෙන් පසු දෙදෙනාටම අවවාද කර ඇති බවත්ය.

පියා විසින් තරුණියට නිවසින් පිටතට යාම තහනම් කර ඇති අතර තරුණිය විසින් මේ පිළිබඳව අදාළ තරුණයාට දුරකථන ඇමතුමක් දී පවසා තිබේ.

ඇය එම ඇමතුවෙමිදී තරුණයාට පවසා ඇත්තේ තමන්ව නිවසින් රැගෙන යන ලෙසත් එසේ නොකළහොත් තමන් සිය දිවි නසා ගන්නා බවත්ය.

පෙම්වතියගේ ඉල්ලීම ඉටු කර ගැනීමට නොහැකි වීමෙන් සිත් තැවුලට පත් වූ තරුණයා ගෙළ වැළලාගෙන මිය යන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.