32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබස් රථයක් ගසක ගැටී සිදුවූ අනතුරකින් 15ක් රෝහලට

බස් රථයක් ගසක ගැටී සිදුවූ අනතුරකින් 15ක් රෝහලට

අනුරාධපුර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මරදන්කඩවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

අද සවස සිදුවූ මෙම අනතුරින් පාසැල් දරුවන් දෙදෙනෙකු ඇතුලු 15 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ මගීන් ප්‍රතිකාර සදහා මරදන්කඩවල රෝහල වෙත ඇතුලත් කිරිමට ප්‍රදේශවාසින් හා පොලිසිය එක්ව කටයුතු කර තිබෙනවා.

බරපතල තත්ත්වයේ පසුවූ කිහිප දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇතැයි සඳහන්.

අනතුරට පත් බස් රථය හා එහි රියදුරු මරදන්කඩවල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත්ව ඇති එම රියදුරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරදන්කඩවල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.