28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීරියබැද්දේ නායයාමේ අවදානම් ප්‍රදේශවල ජනතාවට අධිකරණ නියෝගයක්

මීරියබැද්දේ නායයාමේ අවදානම් ප්‍රදේශවල ජනතාවට අධිකරණ නියෝගයක්

මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාම් අවදානම් ස්ථානවල සිටින ජනතාව ඉවත් කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

එහි ප්‍රගතිය හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමටයි බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් කෙනත්ද සිල්වා මහතා නියෝග කර ඇත්තේ.

නාය යාම් අවදානම් ප්‍රදේශයේ පවුල් 134ක් පමණ සිටින අතර ඉන් මෙතෙක් ඉවත්වී ඇත්තේ පවුල් 31ක් පමණක් වන බව සඳහන්.

ඉතිරි පවුල් 103 ඉවත් කිරීමට කොස්ලන්ද පොලිසිය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුවයි අධිකරණය අදාළ නියෝගය ලබාදී ඇත්තේ.