27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා ඔවුන් සිදුකළ වැටලීම් පිළිබඳව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ දක්වා 28,000කට අධික වැටලීම් ගණනක් සිදු කළ බව‍යි එම දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටින්නේ.

එම වැටලීම්වල දී අදාළ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 28,441ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතරින් 3,756ක් කාන්තාවන් බව සඳහන්.

එම වැටලීම්වල දී සුරාබදු දෙපාර්තමේන්තුවේ භාරයට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 260 ඉක්මවන බව ද සඳහන්.