25.9 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුකුළු මස් මිල ඉහළට

කුකුළු මස් මිල ඉහළට

වෙළෙඳපොළේ කුකුළු මස් මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිල ඉහළ යාම නිසා මේ වන විට කුකුළු මස් ඉල්ලුමද සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කුකුළු මස් සඳහා නිසි පාලන මිලක් නොමැති වීම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් වෙළදපොළේ කුකුළු මස් මිල ගණන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ පාරිභෝගිකයින් කුකුළු මස් මිලදී නොගැනීම සහ වෙළෙඳපොලට වැඩි වශයෙන් කුකුළු මස් සැපයුම ලැබීම හේතුවෙන් මේ වන විට ශීත නොකළ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 850-950ත් දක්වා අඩු වී ඇති බවයි